Posts

Showing posts from September, 2019

මරණය පමණද මොවුන්ට උරුම..

Image

යක්වෙස් ගත් නෑයන්.

Image
                                                 මා නින්දෙන් පිබිදීමත් සමග අම්මා සාදා දුන් එල කිරි වීදුරුව එක හුස්මට බීගෙන බීගෙන ගිය මං අම්මා සමීපයට වී සිටියේ අම්මා උදේ ආහාර පිසින අන්දම බලාගෙනය. “අම්මේ කෝ තාත්තා " “සීයාට අමාරුයි කියල බාප්පා පණිවිඩයක් එව්වා කියලා තාත්තා උදෙන් ම සීයා බලන්න ගියා " “අපි යන්න නැද්ද අම්මේ " “හවස් වෙලා අපි යමු පුතේ රෑට  සීයට කාරණා වගයක් කරනවලු"           අම්මා එසේ පවසා කුස්සියෙන් එළියට විත්  දර කෑලි කිපයක් රැගෙනවිත් ලිප ලඟට ගොස් ලිප ඇවිලීය. ලිපෙහි ගිනි දැල් ඉහලට ගියේ හරියට කුස්සියම ගිණි ගන්නට මෙනි.අම්මා එවිටම මුට්ටියක් ලිප මත තබනු මම දුටුවෙමි. මා අම්මගෙන් රාත්‍රියේ සිදු කරන කාරණාව කුමක් දැයි විමසන්නට සිතුනද අම්මා බණීවි දැයි සිතමින් මා අම්මාගෙන් එය විමසුවේ ය. "අම්මේ ….” “අම්මේ රෑට මොකක්ද සීයට කරන කාරණාව ..” “පුතේ සීයට මැරුණ ලොකු සීයා නෑ යකෙක් වෙලා වැහිල කියලා තමා හැමෝම ...