සුදු ඇදගෙන කළු ඇවිදින් නාට්‍යය ගැන පුංචි සටහනක්…
## සුදු ඇදගෙන කළු ඇවිදින් නාට්‍යය ගැන පුංචි සටහනක්…## මා මේ සටහන තබන්නට පොළඹවන්න ඇත්තේ මේ කතාව තුළ තිබුණ සැබෑ ජීවිත කතන්දරය වන්නත් පුළුවනි.පහුගිය වසර තුළ ජාතික රූපවාහිනී නාලිකාව මගින් විකාදශනය වූ සුදු ඇදගෙන කළු ඇවිදින් නාට්‍යය ප්‍රේක්ශකායා පුදුමාකර ලෙස වැළදගත් බව අප හොදින් දන්න කරුනකි.තිර රචනය හා අධ්‍යක්ෂනය සුනිල් කොස්තා මහතා විසින් සිදු කිරීම මෙහි සුවිශේෂී බවට තවත් එක් කරුණකි.කුඩා කාලයේ සිරි සිරිමල් නැරඹූවානම් අදටත් එය මතකයේ රැදීම තුළ ඒ බව පසක් වේ.. මෙහි එක් මවක තම දියණිය සමග දියණියගේ පියා සොයා දුෂ්කර ගමකට යන අතර එහිදී ඒ ගම තුළ සදුවන සිද්දී දාමය අපුරුවට ගලා යයි.අමරපලා මහතා සහ ඔහුගේ බිරිද,ගමේ පාසල,විදුහල්පති,අලුත් ගුරුතුමා නාරද, පැංචා සහ මානසික අසනීපයකින් පෙළෙන ඔහුගේ පියා,සුරන්ගි සහ රූපසිංහ,මාතු පාල සහ ඔහුගේ පවුල,රංගා ඔහුගේ මව,පන්චගේ යලුවන් සිරිනාත,වලිසුදා ,මව සහ සේවකයන්..මේ සියලු චරිත සමග මේ කතාව ගලා යයි.කිසි විටෙක රසවිදිය නොහැකී නොසිතෙන තරමට පේක්ශකයා වසග කරගෙන ඇත.මෙහි අවසානය ප්‍රේක්ශකයාට කිසිදින සිතාගත නොහැකි ලෙස සිදු කිරීම මෙහි සුවිශේෂිම කරුණයි.කිසිවිටක ප්‍රේක්ශකයා බලාපොරොත්ත...