ප්‍රේමය අමරණීයද...,,????
###*සමාවෙලා හදාගන්න මට මගේ හිත💔##*
සමාවෙලා හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා වදින්න දෙන්න..//
කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස මගහැර යන්න
ඔබේ සිතට පිටුපාලා මන් ගිය ඈත
කදුලු වලින් නෙතු තෙමුනා මට නොදැනීම
ආදරයක් නොලැබුනදා සොයා ඔබෙ සිත
මන් ආවත් එරෙහිවුනා කසාවත මට
සමාවෙලා හදාගන්න මට මගේ හිත..
කසාවතින් ඔබ යන විට මග සන්සුන්ව
ආදරයක හැගුමන් නෑ හදවත කොනක
ගෙවාගන්න මා කළ පව් සමාවී මට
එකම වරක් ඔබේ දෙපා වදින්න දෙන්න
සමාවෙලා හදාගන්න මට මගේ හිත..
මෙලොව ජීවත්වන කවුරුන් වේවා සෙනෙහසක්
පතන බවනම් සැබෑවකි.දෙහදක් එක් කරනා ප්‍රේමය සොදුරුය,මිහිරිය,සැබවින්ම ප්‍රේමය යනු විදීම මිස විදවීම නම් නොවේ.නමුදු ඊට සැකය බොරුව,අවිස්වාසය යන වේදනාත්මක හැගීම් පෙම්වතුන් අතරට රැගෙන එනු ඇත.මෙය අවබෝධ කරගත් අය ප්‍රේමණීය ලෙස ප්‍රේමයේ රස තැන් ස්පර්ශ කරයි.ප්‍රේමය අප සැවොම විදිය යුතු දෙයකි.එපමනක් නොව එය සැමට ලැබිය යුතු දෙයක් යයි මට නම් සිතේ.මා දකින අන්දමටනම් මෙහි බොහෝ පිරිසක් නොදත් තවත් පැතිකඩක් වේ.සමහර විට ඔබත් ආදරය කර ඇති අයෙක් නම් හෝ ආදරය කරන අයෙක් නම් මෙය ඔබට දැනෙන්නටද ඉඩ කඩ පවති.එනම් පුරුශයන්ට ප්‍රේමය ඔහුගේ ජීවිතේ එක් කොටසක් වීමත්,නමුදු ගැහැනියට ඇගේ ජීවිතයම ආදරය සමගින් බද්ධවනු නියතය.මෙය ප්‍රේමය තුලදී දැක ගත හැකිවේ. මෙතෙක් මා ඔබට ප්‍රේමය පිලිබද අවබොදයක් දෙන්නටයි තැත් කරනු ලැබුවේ.
සැබවින්ම අද මා ඔබ වෙත රැගෙන එන්නට බලාපොරොත්තුවන්නේ ලොකයාගේ රස වින්දනයට පාත්‍ර වූ අපූරු ගීතයකි.එනම් ගීතයෙන් ගණන් කළ නොහැකි තරම් මනුශ්‍ය හදවත් සුවපත් කළ ලොවක් ප්‍රසිද්ද වූ චාමර වීරසින්හයන් විසින් ගයන ගී පදවැල් ආරාධනා ඒකනායක විසින් සැපයීමද,ප්‍රියන්ත නාවලගේ තනු නීර්මානය නිසා ගිතයේ රසය ඔප දමමින් ශ්‍රාවක හදවත ස්පර්ශ කරනු ලැබිනි..
එදා ගැයූ ඒ ගීතය අතීත,වර්තමාන,අනාගත යන කාල ත්‍රිත්වයටම ගැලපෙන අයුරින් රචනා වී ඇති බව රස විදින විට වැටහෙයි.මන්ද ප්‍රේමයට මරණයක් නොමැති බැවිණි.මේ ගීතය පුරාවටම මේ පෙම්වතා පෙම්වතියව අත් ඇර ගොස් කරනු ලැබූ වරද නිවැරදි කරගනිමින් සමාව අයදින අන්දම කියවේ.එනම් ගීතයේ විචාරත්මක පැතිකඩ මෙසේ විමසමු.
ගීතය අරම්භයේදීම ලස්සන ආදර කතාවක නැවතුමක් නිසා පසුතැවෙන මේ පෙම්වතා නැවත පෙර පෙම්වතිය සොයා පැමිණීම පිළිබදව පවසයි.ලස්සන ආදර අන්දරයක දොඩමලු වූ මේ පෙම් යුවල කලක් හරි ආදරයෙන් බැදී උන් බව නම් සැබෑවකි.එනමුත් එතරම් ප්‍රේමයෙන්.ආදරණීයව,සෙනෙහෙබරව හුන් මේ දෙදෙනා කලක් යත්ම දෙපසකට වන්නේ මෙ පෙම්වතගේ වරදින් බව ඔහු මෙහි පවසයි.ඇගේ ආදරය මදිවීද ඔහු ඈතක ගොස් වෙන අදාරයක් සෙව්වේ නැතිනම් ඔහු තුළ වූ සෙල්ලක්කරකමද ඒ ප්රශ්නයකි එයනම්.,නමුත් මේ පෙම්වතා පෙම්වතියට දුන් වේදනව දිඨ්ට ධම්ම වේදනීය වූවාදැයි ගීතය රස විදින විට අවබෝධ වේ.මන්ද ඔහු විසින්ම එය පවසනු දැක ගත හැකිය.
මෙහි පෙම්වතාට පෙර පෙම්වතිය මතක්ව නැවත ඇය සොයා එන්නේ ඇගෙන් ලැබුන සෙනෙහස සොයාගිය ලෝකයෙන් නොලැබීම නිසාවෙනි.නමුදු ඔහු ප්රමාදවීය එයට.මන්ද ඔහු දුන් වේදනාබර දිවිය දරගත නොහැකිව,මේ බැදීම්හි ඇති අනිත්‍යතාව තේරුම් ගත්ත නිසා කසාවතට දරාගත් ඇය සැනසුම් දිවියක සිටි අයුරු දැක ඔහු සමාව අයද සිටියි.මෙ ඔහු සියල්ල අවබෝධ කරගත් පවිත්‍ර චරිතයක් බවද ඇයට පවසමින් ඔහු
කළ වරද අවබෝධ කරගත් බවද පවසමින් දෙපා නමදින්න අවසර ඉල්ලයි.
මෙලෙස පවසන විට යම් අයෙකුට සිතෙන්නට පුළුවන් මොහු වෙන හේතුවක් නිසා ඈව අත් හරින්න ඇත්ද යන්න නමුත් මොහුගෙ වචන "කිලිටක් නෑ මගෙ හදවතෙ සත්තය් ඔන්න"මේ පවසන්නේ ඔහුගේ හදතේ රැව් දෙන ගීතයයි."ගෙවාගන්න මා කළ පව් සමාවී මට"මේ පවසන්නේ ඔහු සැබවින්ම ඇයට වරදක් කළ බව නොවේද,
නැවත පෙම්වතියවෙත පැමිනි ඔහුට ඇය දෙස ආදරණීයව බලන්නට,ප්‍රේමණීය හැගුම් ඇති කරගන්නටන්ම් නොහැකි විය.ඇය කසාවත දරා සිටි දුටු ඔහුගේ නැවත පැමිණි අරමුණ වෙනස් කරගන්නට විය.මන්ද ඈ පිළ්දිබද එවන් හැගුමක් දැන් ඇතිකරගත නොහැකි තරමට ඇය අදුම්,ගමන,රූව පවා වෙනස් කරගනිමින් සැදහැති දිවියක් ගත කරනු ඔහු නෙතට දිස් විනි.නැවතත් පෙම්වතාට ඔහු පැතු ප්‍රේමය අහිමි විය.එහෙයින් ඔහු දෙපා නැමද සමව අයදිනුයේ එතෙක් වූ වැරදි සමකරගන්නටය..
සැබවින්ම මේ ප්‍රේමයේ නිමාවද නැත.යලිදු දවසක මොහු තවත් අයෙකුගේ සෙනෙහේ පතාවිද..එය ප්‍රශ්නාර්තයකි ලෝකයාට.ඔබ සිතුවද .සිතන්න..රසවිදින්න අදම ඔබ රස නොවින්දානම්.
https://youtu.be/kwlxzdFxd50
සේරී.✍️
තිළිණි.

Maru
ReplyDeleteElama
ReplyDeleteThanks
Delete❤️👍
ReplyDeleteThanks
ReplyDelete