යක්වෙස් ගත් නෑයන්.

                            

                   මා නින්දෙන් පිබිදීමත් සමග අම්මා සාදා දුන් එල කිරි වීදුරුව එක හුස්මට බීගෙන බීගෙන ගිය මං අම්මා සමීපයට වී සිටියේ අම්මා උදේ ආහාර පිසින අන්දම බලාගෙනය.

“අම්මේ කෝ තාත්තා "

“සීයාට අමාරුයි කියල බාප්පා පණිවිඩයක් එව්වා කියලා තාත්තා උදෙන් ම සීයා බලන්න ගියා "

“අපි යන්න නැද්ද අම්මේ "

“හවස් වෙලා අපි යමු පුතේ රෑට  සීයට කාරණා වගයක් කරනවලු"

          අම්මා එසේ පවසා කුස්සියෙන් එළියට විත්  දර කෑලි කිපයක් රැගෙනවිත් ලිප ලඟට ගොස් ලිප ඇවිලීය. ලිපෙහි ගිනි දැල් ඉහලට ගියේ හරියට කුස්සියම ගිණි ගන්නට මෙනි.අම්මා එවිටම මුට්ටියක් ලිප මත තබනු මම දුටුවෙමි. මා අම්මගෙන් රාත්‍රියේ සිදු කරන කාරණාව කුමක් දැයි විමසන්නට සිතුනද අම්මා බණීවි දැයි සිතමින් මා අම්මාගෙන් එය විමසුවේ ය.

"අම්මේ ….”

“අම්මේ රෑට මොකක්ද සීයට කරන කාරණාව ..”

“පුතේ සීයට මැරුණ ලොකු සීයා නෑ යකෙක් වෙලා වැහිල කියලා තමා හැමෝම කියන්නේ ඉතිං ඒ යකා එලවන්න පූජාවක් කරනව රෑට..”

“නෑ යක්කු”

“ඒ මොන යකෙක්ද ,..අම්මේ..කොහොමද එයාලව එලවන්නෙ …”

“මිනිස්සු මැරුණම නෑ යක්කු වෙනවලු පුතේ මට ඇහිලා තියෙනවා සීයල ඒ දවස් වල කියනවා මැරුණ මිනිස්සු මරණින් පස්සේ තමන් ආස කරපු තැන් වල  ඉන්නවලු.. සමහර මිනිස්සුන්ව ලෙඩ කරවනවාලු සමහරු එහෙම ලෙඩ වෙලා මැරෙනවලු පුතේ “

“ඇයි අම්මේ මැරුණම එයාලා දිව්‍ය ලෝකයන්හි නැද්ද එහෙම ඉන්නේ”

“නෑ පුතේ සමහරු ආශාවන් එක්ක මැරුනම මෙහෙම ඉන්නවලු ”

“ඉතින් කොහොමද එයාලා එයාලව එළවලා දාන්න අම්මේ..”

“සීයා කිව්ව විදිහට නම් පූජාවක් දෙන්න ඕනලු එයාලට ආස එයාල ජීවත් වුන කාලේ නොලැබුණු කෑම එක්ක පූජාවක් දුන්නම එයාලා ඒක බාර අරන් යනවාලු පුතේ එහෙම තමයි සීයනං කිව්වේ ”
                         
                අපේ අම්මා සීයා හොඳින් උන්නු කාලෙ කියපු කතාව මට කියද්දි පුදුම කුතුහලයක් ඇති වුණා අද රාත්‍රියේ සීයලාගේ ගෙදර නෑ යකුන් ට දෙන පූජාව බලන්න සවස්  වීමත් සමග, මා ගෙදර අනෙක් සියලු දෙනාටම පෙර හොඳින්  නාගෙන අලුත් නිල් ගවුමින් සැරසුණු අතර තෙතබරිත කෙහෙරැලි හොඳින් පිස දමා වේලුණු පසුව එය ගොතා ගත්තේය. අනතුරුව අප සියලු දෙනාම සවස 5 පසු වී විනාඩි තිහක් ගත වුණු පසු සීයලාගෙ නිවසට ගොඩ වුණි. එවිට එහි සියළු පිරිස් පැමිණ පූජාවට කටයුතු සූදානම් කර තිබුණු අතර සීයා තවමත් අසාධ්‍ය තත්වයෙන් ඇඳ මත විය. එහි පුජාවට් අවශ්‍ය දෑ පසෙක තබා තිබුණි.මා හොඳින් නිරීක්ෂණය කළෙමි. මන්ද මා කවදාවත් එවන් පූජාවක් දැක නොතිබුණි. එහි කෙසෙල් ගෙඩි ,තල කැරලි,  මුද්‍රප්පලම්, ටොපි වර්ග ආදී පැණි රසද එහි බත්, කිරිබත්, මස් ,මාළු, මැල්ලුම් ,තලප,පළතුරුද, බුලත් විට සහ වතුර  ආදී ආහාරයට ගන්නා බොහෝ දෑ ඒ පූජාවට සූදානම් කර තිබෙණු මා දුටු විට මගේ කටට ද කෙල ඉණුවේය .නමුත් මා මෙය පුදන අන්දම දැක නොතිබුණු නිසා මා නොඉවසිල්ලෙන් දෑස් දල්වා ඇඟිලි ගනිමින් ඒ අවස්තාව එළඹෙන තුරු බලා සිටියෙමි.

              
                   තාත්තගේ පවුලේ සියළුදෙනා පැමින සිටි අතර එහි අඩුවක්ත නොතිබිණි.නැන්දලා,මාමලා,පුන්චිලා බාප්පලා,කොල්ලන් ,කෙල්ලන් එහි විය.පූජාව නිවසින් පිට  මිදුලෙහි එක් කිරි ගසක් ලග පුදන්නට සූදානම් කර සීයද, එම ස්තානයට රැගෙනවිත් තිබුණි.නිමේශයක් ගත වන්නට මත්තෙන් සීතල වූ අතකින් මගේ අත මිරිකා අල්ලනු මට දැනුණි.මා පසු පස හැරී භීරාන්විත වී බැලීය.මා හට අවුරුදු දෙකක් බාල දිණූ එහි විය .

“මොකද බං බය කරන්නේ ” 

“අද බය වෙන්න වෙයි ” දිනූ කීවේය..

“ඒ මොකද” මා ඇසුවේ ඇය කී දෙය ගානකට නොගනිම්ණි .

“අපේ තාත්ති කිව්වා අද පූජාව පුදන වෙලාවට අමුතු අමුතු දේවල් වෙයි කියලා නිමාලි අක්කේ ”

මා මදක්ක කල්පනා කරමින් සිටි අතර නිමේෂයකින් පිරිමි අයකු යමක් පවසනු මට ඇසුනි.

“ඔන්න පූජාව නෑ යකුන්ට පුදන්න දැන් ලෑස්ති කරල අහවරයි , හැමෝම මෙතනට එන්න..” අන් කවුරුත් නොව ගුරුන්නාන්සේ පැවසීය.
                                
                    පූජාවට අවශ්‍ය ද්‍රව්‍ය තබා තිබූ මේසයෙහි මැද පහනක් පත්තු කරමින් ගුරුන්නාන්සේ පවසන්නට වූයේ ඒ පූජාවන් නෑ යකුන්ට පුදන බවයි .අනතුරුව සීයාගේ දෑතින් මුලින් තබන ලද සියලු ආහාරවලින් එක් භාජනයකට ටික ටික සියල්ලෙන්ම බෙදන ලෙස ගුරුන්නාන්සේ පැවසීය.එවිට සීයාගේ දෑත ලොකු මාමා විසින් අල්වාගෙන බෙදනු මම දුටුවෙමි.

“දැන් මේ පූජාවන් ඔක්කොම අරගෙන මේ ආතුරයාගෙනුත්,මේ          නිවසෙනුත්         මේ  ඉඩමෙනිත්පිටමන් වෙලා යන්න.”මෙලෙස  වැදගෙන සිටි ගුරුන්නාන්සේ පැවසීය..
                          
                       ගුරුන්නන්සෙ මෙය පැවසීමත් සමග පරිසරය අමුතු වන්නට විය. නිස්කලන්ක වී අමුත් හඩවල් ඇසෙන්නට විය.එවිටම සීයගේ කාමරය දෙසින් කෙදිරිලි හඩක්ද ,නිවසෙහි ජනෙල් මහ හඩ නගමින් වැසෙන ඇරෙන ශබ්දයද ඇසුනි.නමුත් කවුරුත් ගේ තුළ නොවූ අතර සියලු දෙනාම සිටියේ පූජාව පුදන තැනය.මා සිතුවේ එය මට පමණක් අසුනු දෙයක් ලෙසිනි.පූජාව අවසන්ව සියලු දෙනා නිවෙස්වෙත පැමිණි අතර, අපද නිවසට පැමිණියේය.

                    මා නිදා ගැනීමට ඇදට ගොස් මදක් කල්පනා කර පුජාවෙදි ඇසුන දේ මව සමග පැවසූ අතර, දීනූ මාහට ඒ බව පැවසූ බවද මතක් විය.මවද ඒ හඩ ඇසුන බව පැවසූවේය.අම්මා පැවසුවෙ සියා ගොඩක් පව් කියාය..

“අම්මේ සීයා ඉස්පිරිතාලෙ අරන් යන්නැත්තෙ ඇයි..”

“පුතේ මේ ලෙඩ ඉස්පිරිතාලෙන් සනීප කරන්න බැහැ.”

"ඒත් අම්මේ.."

“නිදාගන්න පුතේ හෙට උදේම බලමුකො” තාත්තා පැවසීය.

හිතේ චකිතය මුසුවූ බියක් හිතට කාවැදුනු මටද නොදැනීම නින්ද ගියේය.

           නැවත කෑරලකුගේ මහා ගෝශා ශබ්දයකින් මා අවදිවුනෙමි. එවිට අම්ම්යි තාත්තයි දෑස් කදුලින් තෙත් කරමින් සැටියෙහි වාඩිවී මළානිකව කතා බහක යෙදී උන් අන්දම මම දුටුවෙමි.


සේරී…✍️

HS/2016/0758
MACO 21442
වයි.බී.තිළිණි නිසංසලා
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යලය.


         



Comments

  1. මාත් ඉන්නවා..💜💙❤ ලස්සනයි...👍😘👍👍

    ReplyDelete
  2. lassanai eka ....❤��������

    ReplyDelete
  3. lassanai eka ....❤��������

    ReplyDelete
  4. thawa liynnaa...kiywann asa hithenawa....😘😘

    ReplyDelete
  5. seeya😥😥😥😧😧😭😭

    ReplyDelete
  6. as Yr 1st short story it is best..release☝more..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රේමය අමරණීයද...,,????