සුදු ඇදගෙන කළු ඇවිදින් නාට්‍යය ගැන පුංචි සටහනක්…

## සුදු ඇදගෙන කළු ඇවිදින් නාට්‍යය ගැන පුංචි සටහනක්…##

මා මේ සටහන තබන්නට පොළඹවන්න ඇත්තේ මේ කතාව තුළ තිබුණ සැබෑ ජීවිත කතන්දරය වන්නත් පුළුවනි.පහුගිය වසර තුළ ජාතික රූපවාහිනී නාලිකාව මගින් විකාදශනය වූ සුදු ඇදගෙන කළු ඇවිදින් නාට්‍යය ප්‍රේක්ශකායා පුදුමාකර ලෙස වැළදගත් බව අප හොදින් දන්න කරුනකි.තිර රචනය හා අධ්‍යක්ෂනය සුනිල් කොස්තා මහතා විසින් සිදු කිරීම මෙහි සුවිශේෂී බවට තවත් එක් කරුණකි.කුඩා කාලයේ සිරි සිරිමල් නැරඹූවානම් අදටත් එය මතකයේ රැදීම තුළ ඒ බව පසක් වේ..

මෙහි එක් මවක තම දියණිය සමග දියණියගේ පියා සොයා දුෂ්කර ගමකට යන අතර එහිදී ඒ ගම තුළ සදුවන සිද්දී දාමය අපුරුවට ගලා යයි.අමරපලා මහතා සහ ඔහුගේ බිරිද,ගමේ පාසල,විදුහල්පති,අලුත් ගුරුතුමා නාරද, පැංචා සහ මානසික අසනීපයකින් පෙළෙන ඔහුගේ පියා,සුරන්ගි සහ රූපසිංහ,මාතු පාල සහ ඔහුගේ පවුල,රංගා ඔහුගේ මව,පන්චගේ යලුවන් සිරිනාත,වලිසුදා ,මව සහ සේවකයන්..මේ සියලු චරිත සමග මේ කතාව ගලා යයි.කිසි විටෙක රසවිදිය නොහැකී නොසිතෙන තරමට පේක්ශකයා වසග කරගෙන ඇත.මෙහි අවසානය ප්‍රේක්ශකයාට කිසිදින සිතාගත නොහැකි ලෙස සිදු කිරීම මෙහි සුවිශේෂිම කරුණයි.කිසිවිටක ප්‍රේක්ශකයා බලාපොරොත්තු නොවූ ලෙස අයෝමාගේ මවගේ ජීවිත අවදානම ප්‍රේක්ශකයා හදවතට සමීප කරවයි.

කිසියම් නිර්මාණයක් රසවිද අවසානයේ තවත් තිබුනනම් …,නැතිනම් මහා තනිකමක්,,නිතර නිතර ඒ කතාවම සිහිවීමක්,ඒක මෙහෙම වුනේ ඇයි…මේ ආදී සිතුවිලි ඔබටත් දැනිලා තියෙනවනම් ඔබ නියම ලෙස කතාව රසවිදි අයෙකි.මේ නාට්‍ය අවසානයේ මගේ සිතේ චරිත දෙකක් පිළිබදව යලි යලිත් සිහි විණි.එනම් පැංචා හෙවත් විමලසිරිගේ චරිතය සහ වලි සුදා හෙවත් බන්ඩාර මුදලාලිගේ චරිතය යන චරිත දෙක වේ.

පැංචාට මව අහිමියි, තම පියාද මානසික අසනීපයකෙන් පෙලයි. පැංචාට සෙනෙහස නොලබා හැදී වැඩෙන මොහු නිරන්තර සෙනෙහසක් බලාපොරොත්තු වුවද ඔහුට එය නොලැබෙයි.නිරන්තර යළුවන් ඔහු සමග සිටියද ඔහුට අවශ්‍යය සෙනෙහස නොලැබී යයි.අයෝමාගෙන් ඒ සෙනෙහස පැතුවද, දිනක් පාසල් යන විට ඇගෙන් සහෝදරයෙක් විතරයි..යන වචනින් පසු ඔහු පාසල් ගමනද නවතා වැලි පොලෙහි වැඩට යාමට සැරසෙයි.ගමේ අදුරු පතිකඩා යොමු වන්නට අදුරෙන් පැමිණි උපක්‍රම බල පෑ බව මෙහිදී පසක් වේ.අවසන සියල්ල තේරුම් කරදුන් විමලසිරි ගුරුතුමාගේ හා රුපසිංහ මාමාගේ කීමට කීකරුව නැවත් පාසල් යාමට විමලසිරි පෙළඹිනි.එලෙස විමලසිරිගේ චරිතය දැකිය හැකියි.

වලි සුදා ගමේ කාගෙත් කනට ඇසෙන විට කල් කදුරු මෙනි.කාටත් එපාම වූ චරිතයකි.මුලදී මොහුගේ නම පමණක් භවිත කරණු ලැබූ කතාව තුළට කලකට පසුව පැමිණෙන චරිතයකි.මොහු තම අභිලාශයන් වෙනුවෙන් තම ගම විනාශා වූවත් කම් නෑ යන මතයේ ජීවත් වෙන දරුණු චරිතයක් ලෙස ගම්මුන්ගෙන් දැන ගන්නට ලැබුණි.සැබවිනම මේ චරිතය ප්‍රේක්ශක  හමුවට එන විට ගෙනෙන විට මොහු තම සේවකයන් වහලුන් ලෙස තබාගනිමින් ,තම මව ඉදිරියේ පමනක් බොදි සත්ව ගති පෙන්වූ අවස්තාද පවති.කෙසේ වෙතත් මොහුගේ චරිතේ කළු පැතිකඩ මවගේ මුවින්ම සේවකයන්ට පවසයි.සැබවින්ම මොහු ක්ළු චරිතයක්ද..මොහුටද ආදරය නොලැබී ගියේද යන්න ඔහුගේ හැසීරීම් තුළ  දැකිය හැකි වේ.මව තුරුලේ පුස් පැටියෙකු සේ නිහඩවන සමහර අවස්තා ඊට කදිම නිදසුන් වේ.ඔහුද අයෝමට පෙම් කරයි.ඇය විවාහ කර ගැනීමට තැත් කරයි.නමුත් මොහු කිසි දින බලෙන් ආදරයක් ලබාගත නොහැකි බව තේරුම් ගෙන සිටියේය..ඊට කුඩාකල තම පවුල් පරිසරයෙන් ලැබුන පීඩනය හේතුවන්නට ඇත.මොහුද සෙනෙහස සොයන තවත් එක් පුතෙකි.

මේ චරිත දෙකම තුළ සෙනෙහස හිදී ගොසිනි.ඔවුනට සෙනෙහස හරි ලෙස පවුල තුලින් නොලැබී යාම තුළ පැංචා සෑම තැනකම අසරණ බවකින් යුත් චරිතයක් ලෙසත් ,වලිසුදා දරුණු චරිතයක් ලෙස නිර්මාණය වී ඇත.පැංචා තම සිතට සතුටක් දැනුන සෑම අවස්තාවකම අමුතුම නැටුමක් නටමින් ඒ සතුට විදගනියි..නමුත් වලි සුදා සතුටක් දැනුන විට අහින්සක සිනහවකින් තම සතුට විදගනු දැකගත හැකියි.පැංචාගේ සිතට දුක දැනුන.පාලුවට ,තනිකම දැනුන සෑම මොහොතේම ගමෙහිහි විශාල දමුණු ගහ මුදුනට නැගී තම මවටකතා කරනුයේ ඈතා කදු යාය දෙස බලාගෙනය.වලි සුදාට දුක දැනෙන විට ඔහු කේන්තියෙන් එය පිට කර තම සේවකයන් ඉන් පලවා හැර තම මවගේ ඇකයේ හිස තබා සිටී.මේ චරිත දෙක දරුණු හා අසරණ ලෙස නිර්මාණයට සෙනෙහස අඩුවක් කුඩා කළ සිටම බලපාන්නට ඇත.

පැංචා කුඩා කලම මවගේ වියොව ඔහු තනිවන්නට හෙතුව විය.පියාගෙන් හෝ සෙනෙහසක් ඔහුට නොලැබී යයි.පියගේ මානසිකත්වය පැංචාට මානසික සුවයක් නොදුන්නේය.වලිසුදාට තම කුඩා අවදිය තුළ ලැබූ පීඩන නිසා ඔහුගේ දරුණු චරිතය නිමැවුමට බලපාන ලදි.නාට්‍යයේ අවසාන වන විට ඔහු මව සමග පවසයි..කුඩා කල ඔහුගේ ඇගට දැමූ දිමියන් කාපු තැන් තවමත් ඇදුමකන බව.මේ තුළ ප්‍රේක්දකයාට සිතා ගැනීමට ඊඩ හැර ඇත එවන් චරිතයක උපත දෙමව්පියන් විසින්ම සිදු කර ඇති බවයි.මොහුගේ මව සුදු වතින් සැරසී සිටියද තම පුතා යහමගට යොමු කරනවා වෙනුවට අයහපතටම ඇද දමන මවකි.ඇගේ වචන යහපත් වූවනම් ඔහුගේ ජීවිතය වෙනස් වන්නට ඉඩ පැවතුණි.

වර්තමානයේ සමහර දරුවන් තම මව පියා සමග යහළුවන්ට පෙන්වීමට පවා ලැජ්ජාවක් දක්වයි.එවැනි අයට පැංචා තම පියාට සලකන අන්දම,තම යහළුවන් ඉදිරියේ පවා පියා ගැන පවසන්නට පසුබට නොවේ,ඔහු පියාට නොදී කෑම කෑමට පවා මැලිවේ.ඔහු නාට්‍යයේ අවසානයේ පියා සුව කර ගැනීමට කොළඹ රැගෙන යන විට කදුළු පිරෙන දෑස ඉකිගසා ඇඩීම තුළ පිය පුතු ආදරය පැහැදිළියි.ඔහුට පියා නැවත එන තුරු හෝ තනිව සිටියා නොහැකි බව පැවසීම තුළ නැවතත් ඔහුට සෙනෙහසක අවශ්‍යතව දැඩිව පවතින බව පැහැදිලිවේ.

ඒ අනුව පැංචා හා වලි සුදා උපතේදී මෙවන් ලක්ෂණ රැගෙන ආවේ නැති බවත් හැදී වැඩුණු පවුල් පරිසරය තුළින් ඒ සියල්ල ඔවුණට ආරූඪ වූ බවත් දැක ගත හැකී.මෙවැනි චරිත ගම්බද පරිසරය තුළ දැක ගත හැකිවේ.

චරිත ගණනාවක් පැවතියද පැංචා,වලිසුදා යන චරිත දෙක සුවිශේෂි යැයි හැගුණි.එය කාතාව තුළ යම් සම්භන්ධයක් නොතිබුණත් මෙහි චරිත ලක්ෂණ තුළ අපුරු සම්භන්ධයක් දෙදෙනා තුළම පවතී.

මේ නාට්‍යයේ පුරාවට පවතින චරිත සිද්දී ලංකාව පුරාවට විසිර පවතී.මේ චරිත දෙකත් එවැනිම වේ.එදිනෙදා අපට හමුවන චරිත මේ තුලින් අපට හමුවීම අපේ හදවතට මේ කතාව සමීප වීමට ප්‍රදානම හේතුව වේ.මෙය මායාවක් නොවන සැබෑ ශ්‍රී ලාංකේය ජීවිතයේ විනිවිද කරණු ලැබූ සත්‍යය කතාංගයකි. 

වයි.බී.තිළිණි නිසංසලා
කැලණිය විශ්වවිද්‍යාලය .



Comments

Popular posts from this blog

ප්‍රේමය අමරණීයද...,,????