Water 2007 fillm විචාරය

                                      Water 2007

ලොව විශිෂ්ටතම සිනමා පවුලක් වන ඉන්දීය සිනමාවේ උපන් අතිවිශිෂ්ට චිත්‍රපටයක් ලෙස water 2007 හඳුන්වා දිය හැකියි. අනුර කාශ්‍යපගේ තිර රචනයෙන්ද දීපා  මෙහෙතාගේ අධ්‍යක්ෂණයට පාත්‍ර වූ මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක් ව සිදු කරයි.මෙහි ඉන්දියාවේ වන රාශි ප්‍රදේශයේ වැන්දබු ආරාමයක් අළලා ගොඩනැගුණු කතාවකි.2005 වාරණය වුවද 2007 වර්ෂයේ මෙය නැවත මහජනයා වෙත මුදාහරියි. ඉන්දීය සමාජයේ සැබෑ පැතිකඩ විවර කරන මෙම චිත්‍රපටය කීප වරක්ම වරක් ම සම්මානයට පාත්‍ර වූ ටොරොන්ටෝ ජාත්‍යන්තර සිනමා උලෙළේදී වාර්ෂික කැනඩාවේ හොදම කැනේඩියානු චිත්‍රපටය ලැයිස්තුවට නම් කරන ලදී .මෙය හින්දි භාෂාව සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම දෙකෙන්ම ප්‍රේක්ෂක හදවතට පැමිණි උත්කෘෂ්ට සිනමා පටයකි.
මිනිත්තු 114ක් ඉන් සමන්විත මෙම චිත්‍රපටයේ කතා සාරාංශය මෙසේය.ප්‍රධාන චරිත ලෙස චූයියා, නාරායන්,කල්‍යාණි, සකුන්තලා වේ.ඊට අමතරව ආරාමය භාරව ක්‍රියා කරන මදුමතී සහ ඇගේ හොදම මිතුරිය  ගබ්බා ද වේ.චුයියා  අට හැවිරිදි දැරියකි.ඇගේ සැමියා මිය යයි වැන්දඹු සම්ප්‍රදායට අනුව ඇය සුදු වතින් සැරසී හිස මුඩු කර ඇගේ ජීවිතයේ ඉතිරි කාලය වැන්දඹු ආරාමය එක ගත කළ යුතුව ඇත.වන රාසි නම් ප්‍රදේශයේ පිහිටි අබලන් වූ වැන්දබුව ආරාමයකට චූයියාට ඉතිරි කාලය ගත කිරීමට සිදු වන අතර එහි තවත් වැන්දබු කාන්තාවන් දාහතර දෙනෙක් වේ.චූචූයියාට මෙහිදී මිතුරියක් හමු වන අතර ඇය කල්‍යාණි නම් වේ.කල්‍යාණි දැකුම්කළු රූමත් රූ සපුවකට උරුමකම් කියන ස්ත්‍රියකි.මෙම ආරාමය පාලනය කරනු ලබන ස්ත්‍රිය වන මදුමති කල්‍යාණි  ගේ රූ සපුව පිරිමින් වශී කරන බැවින් ඇය ගණිකා වෘතියේ යොදවමින් මෙම ආරාමය පාලනයට මුදල් උපයා ගනු ලබයි.මේ සඳහා මදුමතී තම හොඳම මිතුරිය වන ගබ්බා යොදා සිටුවරුන් වෙත කල්‍යාණි  ගබ්බා සමගින් යවනු ලැබේ.චීයා ආරාමයට පැමිනෙන දිනයේ ඇයට හමුවන මිතුරියක් ලෙස ලෙස ඇයට සමීප වන සකුන්තලා හැඳින්විය හැකියි හැකි මදුමතී ගේ වචනයට පවා නොසලකා හරිමින් අසාධාරණත්වය කෙරේ නැගී සිටිමින් සාධාරණත්වය ඉටු කරන කරන වැන්දඹුවක් ලෙස සකුන්තලා දැකගත හැකියි.චූඩා බලාපොරොත්තු සහිතව  තම මව තමන් රැගෙන යාමට නැවත පැමිණෙන බව විශ්වාසයෙන් බලා සිටී.නමුත් එය එසේ නො වී ය .කල්‍යාණි සමඟ මිතුරු වන චුයියා කල්‍යාණි ගේ සුරතලා කාලු සමඟ මිත්‍ර වේ.දිනක් කල්‍යාණි වෙනුවෙන් පැමිණි නාරායන ගේ ඇරයුම පිළිනොගන්නා කල්‍යාණි පසුව ඔහුගේ යෝජනාවට කැමැති වේ.අනතුරුව කල්‍යාණි සහ නාරායන ගේ ප්‍රේමය ඇරඹුණි .ඇයගේත් නාරායන ගේ පෙම් කතාවේ එකම සාක්ෂිය වූයේ චුයියා ය.එක් දිනක එය චුයියා හරහා කල්‍යාණි, නාරායන හා විවාහ ගිවිස ගන්නා බව දැනගන්නට ලැබීමත් සමග මදුමතීඉ කල්‍යාණි ගේ හිස කෙස් හිස කෙස් කොටට කපා ඇයව කාමරය තුළ සිර කොට දමන ලදී.මදුමතීට ආරාමය ගෙන යාමේ එකම ආදායම් මාර්ගය ඇය බැවිනි.සකුන්තලාගේ මැදිහත් වීමෙන් නාරායන වෙත යාමට කල්‍යාණි ට අවස්ථාව සැලසුනද නාරායන ගේ නිවස දැනගත් පසු කල්‍යාණි නැවත යා යුතු බව ඔහුට ප්‍රකාශ කරයි ..කල්‍යාණි හසුවූ පිරිමියෙකුගේ පුතෙක් බව කල්‍යාණිට වැටහී ගියේ ය.අනතුරුව පියාගේ පිලිකුල් ක්‍රියාව තේරුම් තේරුම්ගත් නාරායන නැවත කල්‍යාණි රැගෙන යාමට ආරාමයට පැමිණිවිට ඇය දිය ගැඹුරටම ගිලී මිය ගොසිනි. කල්‍යාණි ගෙන් ලැබුණු ආදායම නොලද කළ ගබ්බා හරහා චුයියා සිටුවරයෙක් වෙත යවන ලදි.සකුන්තලා ඇය සොයා පැමිණෙන විට බොහෝ ප්‍රමාද විය චුයියා සිහිසුන්ව මළ කඳක් ලෙස සිටියදිම ඈව බෝට්ටුවේ දමා ගබ්බා එතැනින් දිව යයි.සකුන්තලා චුයියා සමගින් එදින රාත්‍රිය ගත කරන්නේ ගංගා නම් ගඟ අසබඩය.චුයියා දැඩි ලෙස කම්පනය වී සිටියේය.ඊළඟ දිනයේ දී චූයියා සමගින් ඇවිද යන සකුන්තලාට දුම්රිය ස්ථානයේ ගාන්ධි කතා කරන කරනු ඇසේ.මේ ද ඔහුගේ ආශිර්වාදය ලබා ගැනීමට පිරිසක පිටුපස ගමන් කරයි.ගාන්ධි ගේ කතාවෙන් අනතුරුව දුම්රිය පිටවෙන විට බලාපොරොත්තුවක් රහිත වුවත් ජනතාවගෙන් චුයියා ද රැගෙන යන ලෙස සකුන්තලා අයැද සිටී.අවසානයේ එහි වූ නාරායන ට චුයියා ව භාර දීම සමග සකුන්තලා ගේ දෑස් කඳුළින් තෙත් විය.දුම්රිය ඇයට පිටු පා ඈතට ඇදී යයි. water 2007 කතාව මෙසේ දිග හැරේ.
විශාල ලෙස බාධා රැසකට මුහුණ පාන මෙහෙත් ආ මහතා විසින් අවසානයේ වෝටර් 2007 චිත්‍රපටය රූගත කිරීම් සිදු කරයි සිදුකරයි. ඉතිහාසයේ සිට පැවත එන අමානුෂික ලෙස කාන්තා පීඩිත සමාජයක් ඉන්දියාව තුළ පවතින බව සත්‍යයකි ඒ සමාජයේ දුගඳ හමන අපූරු කතාපුවතක් වෝටර් 2007 මගින් ලොවට ම විවරණය කිරීම මේ තුළ සිදු වේ.
සිනමාකරු උපක්‍රමශීලීව මේ සිදු කරන්නේ ඉන්දීය සමාජය තුළ අදටත් පවතින ප්‍රශ්නකාරී කාන්තා අයිතියක් උල්ලංඝනය වී ඇති ආකාරය උද්දීපනය කිරීමකි.චුයියාගේ වයස අවුරුදු අටකි මෙය විවාහ වන වයසේ දරුවෙක්ට ඇය කරත්තය මත යන විට හැසිරෙන දඟකාර බව ඇගේ චරිතය ප්‍රේක්ෂක හදවතට සිතුවම් කරන්නේ කුඩා දරුවකු ලෙසිනි. මෙය නරඹන ප්‍රේක්ෂක ජනතාව මැය විවාහක ස්ත්‍රීයක් ලෙස නොදකී.නමුත් ප්‍රේක්ශකයාට යම් ඇගවීමක් ඇගේ දෙපා දෙසට කැමරා ඇස යොමු කිරීම තුලා පා පලනා තුලින් පෙන්වා දෙනු ලැබේ.නැගී සැමියා  ගංගා නම් ගඟ අසබඩ දී මිය යාමත්,නමුත් ඇය විමසන්නේ ඇගේ මෑණියන්වය."අම්මා කාහා"නමුත් මේ සත්‍ය සිදුවීමකි .ඇය ගැහැණියක් ඇය විවාහකයි ,නමුත් ඇය තවමත් ළමා මනසකින් යුත් කුඩා දැරියක්,ප්‍රේක්ෂක හදවත කම්පා කරවන අන්දමින් සිනමාකරු මේ අවස්ථාව ප්‍රේක්ෂක හදවතට සමීප කරවන අන්තිමට කියා තම චරිතයට පණ පොවා ඇත.ඉතිහාසය පුරාවටම භාරත සමාජයේ කාන්තාවන් වැන්දඹූ වැන්දඹු වූ පසු සැමියා දැවෙන ගින්නට පැන සති පූජාව ඉටු කළ යුතු අතර නැතහොත් වැන්දඹුවක් ලෙස හිස මුඩු කර මුඩු කර සුදු වස්ත්‍ර හැඳ ජීවිත කාලයම ජීවත් විය යුතු බව බමුණු ඉගැන්වීම් තුළ අන්තර්ගතව පවති.මේ බුදුන් බුදුන් වහන්සේ ලොව පහළ වීමටත් පෙර පටන් පැවති සම්ප්‍රදායකි.මෙතරම් දියුණු ලොවක ඒ සම්ප්‍රදායන් තුළ ජීවත්වන සමාජයක කාන්තාවනගේ එක් කතාවක් මෙහෙතා මහතා ප්‍රේක්ෂක හදවතට සියුම් ලෙස රැගෙන ආ බව පැවසුවොත් නිවැරදියි.
චිත්‍රපටයේ ආරම්භය පිවිතුරු බවක් පෙන්වන සිනමාකරු නෙළුම් නෙළුම් විලක දසුනක් පෙන්වා එය යම් ආකාරයක සංකේතයක් ලෙස ආරම්භයේ දී ම පෙන්වා දෙනු ලැබේ.නෙළුම් පිපෙනු යේ මඩ ගොහොරු වලක ය නමුත් ම.මේ මඩ ගොහොරි උඩට එන නෙළුම ජලය නොගෑවී මඩෙහි  නොගෑවී පිවිතුරු ලෙස පිපී තිබෙනු දැක ඇත.ස්ත්‍රියක් මේ ගොහොරු සමාජයේ සාම්ප්‍රදායික බැමි බිඳ දමා ඉන් ඔබ්බට ආපසු පිවිතුරු නෙළුමක් ලෙස දැකගත හැකියි.රතාවය සේම මැඩියෙකු නෙළුම් කොළයකින් කොළයකට පැනීම තුළ යම් ආකාරයක මේ චිත්‍රපටය තුළින් නිරූපිත ඉන්දීය යල් පැනගිය සංස්කෘතිය පිළිබඳව සිනමාකරු ප්‍රේක්ෂකයා වෙත ගෙන ආවා යැයි සිතිය හැකි වේ.
මෙම චිත්‍රපටය ආරම්භයේ දී ම සංකේත භාවිතය දැඩි ලෙස භාවිත කර ඇති බව දෙවන ශොට් එක දැරිය ගේ පාද වලට කැමරා ඇස යොමු කිරීමෙන් පැහැදිලි වේ .මේ කුඩා දැරිය ගේ පාද යුගලය පා සලඹ යුගලකි.මේ  ගැලෙහි රැගෙන යන්නේ ඇගේ අසාදිත සැමියාය.නමුත් ඇයට එය නො දනී කුඩා දරුවකු බව ඇය වයසක කාන්තාව ගේ පාදයෙ වද්දමින් උක්දඩු කෑම තුළින් සිනමාකරු ප්‍රේක්ෂක හදවතට රැගෙන එයි ඇගේ සැමියාගේ මරණය සිදුවීම එදින රාත්‍රියේ දර්ශනය ප්‍රේක්ෂක ඇසට සමීප ලෙස නිර්මාණය කර ඇත.නමුත් ප්‍රේක්ෂකයා බලා සිටියි. ඇගේ හිස මුඩු කිරීම යම් කුතුහලයක් ගෙන එනු ඇත.මෙය ඉන්දීය සම්ප්‍රදාය හඳුනන අයෙක් හැර අන් අයට යම් කුතුහලයක් මෙහි ඇති වේ .හිස මුඩු කරන විට ඇගේ දෙපා තද කරගන්නා කර ගන්නා අන්දම සිනමාකරු ප්‍රේක්ෂකයා සීයගෙ සියා ගෙ චරිතයට ආරූඪ කිරීමක්සේ පෙනේ..ඒ අත්දැකීම අපගේ ඇස ගැටුණු සිදුවීමක් වීම එය ප්‍රේක්ශක හදවතට සමීප වීමට කරුණකි.
මෘත දේහ දවන අන්දම ප්‍රේක්ෂකයා කොතෙකුත් දැක ඇත කුඩා දරුවාගේ විවාහය අට හැවිරිදි දරුවකු ගේ විවාහය වයසින් වැඩි පුරුෂයකු සමඟ සිදු කිරීම ඉන්දීය සමාජය තුළ අතීතයේ සිට පැවත එන්නකි.ඇය සිය සැමියා මිය ගිය පසු ඒත් සම්ප්‍රදායට අනුව හිස මුඩු මුඩු කර සුදු වස්ත්‍ර හැඳ තනිවම ජීවත් විය යුතු බව මනුස්මෘතියේ සඳහන් වේ.මේ තරම් දිනෙන් දින දියුණු වන ලෝකයක මේ සම්ප්‍රදාය තවමත් දුගඳ හමමින් ඉන්දියාව තුළ ක්‍රියාත්මක වේ.සිනමාකරු මේ දුගඳ හමන කතාන්දරය චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයා වෙත අපූර්වත්වයෙන් රැගෙන එන්නේ ඒ සමාජයෙන් ඔහුට එල්ල වන අභියෝග සියල්ල මැඩලමින් ය.
මේ සිනමා පටය තුලින් ලොවට විවර වන ඉන්දියානු සමාජයේ අඳුරු පැතිකඩ දරාගත නොහැකි ඉන්දියාව මෙයට විරුද්ධ විය. කෙසේ වෙතත් ඉන්දියාවේ වන රාශි නම් ප්‍රදේශයේ වැන්දබුව ආරාමයට චුයියාව දමා යයි.චුලා තම මව වෙත යාම අපේක්ෂාව හිතේ තබාගෙන එහි සිටිය ද මුද මුල් දිනයේ දී ජුලියා ආරාමය භාර මදුමතීටද බැන වදී .එදිනම චුයියාට සකුන්තලා ගේ හමුවීම ඇය කීකරු බවක් පෙන්වයි.මුඩු කරන ලද හිසෙහි කහ තැවරීම තුළද සිනමාකරු ප්‍රේක්ෂකයාට සමීප වීමක් දැකගත හැකියි .චුයියා ගේ හුරතල් බව සකුන්තලාට ඔච්චම් කර යාම තුළින් ද දැක ගත හැකි වේ.
මෙම චිත්‍රපටය ඉන්දීය සමාජයේ අතීතයේ සිට පැවත එන කතාවක් විවරණයක් වූවද මේ සමාජ ක්‍රමය සමාජයෙන් තුරන් කිරීමේ ඉලක්කයක් ලෙස සිනමාකරු සිතන්නට ඇත.සිටු පවුල් නිවාස පිහිටීම සහ මේ ආරාමය අතර ගංගාව ක් වේ.චුයියාට කල්‍යාණි හා කලුගේ හමුවීම සීයාගේ ඒ ගෙවන දිවියට තනිකම පාලුව නො දැනෙන්නට එක් හේතුවක් විය .
එදා සමාජය තුළ බමුණු ඉගැන්වීම් අනුව වැන්දඹුවන්ට අන් පුරුෂයකු පැතීම අක්කා පැයක් උනේ වුණේ ඒ බමුණු ඉගැන්වීම් අනුව වාසියට සකසා ගත් කරුණක් බව මේ චිත්‍රපටය තුල පැහැදිලි වේ.කල්‍යාණි ගණිකාවක් ලෙස සිටුවරුන් සමග සංසර්ගයේ හැසිරෙයි.ඒ තුළින් ලැබෙන මුදලින්  මදුමති ආරාමය පාලනය කරනු ලැබේ. මදුමතී  හා ගබ්බා එක්ව සිදුකරන වෙළඳාම නැවතීම නාරායන හා කල්‍යාණ ගේ ප්‍රේමය හේතු විය. නමුත් මොවුන් විවාහ වන බව දැනගත්   මදුමතී  කල්‍යාණි ගේ හිස කෙස් කොටටම කපා කාමරයේ සිර කොට දමයි. මේ තුළ සිනමාකරු කුමක් අදහස් කරන්නට ඇත්ද ඇයට ගණිකාවක ලෙස අන් පුරුෂයන් හා සංසර්ගයේ යෙදිය හැකි වුවත් ප්‍රේම කිරීමට නොහැකිය.එය සාධාරණත්වයද යන්න ප්‍රේක්ෂක සිතට දැනෙන්නට ඉඩ හැර ඇත.
නාරයන් කල්‍යාණි ප්‍රේමය ඇරඹුමට වර්ෂාව තුළින් හා ඊට ම උචිත සංගීතය යොදා ගැනීම අපූර්ව අපූරු ආශ්වාදයක් ප්‍රේක්ෂකයා වෙත ලබා දෙයි.නැවුම් බවක ඇරඹුමක සංකේතයක් මින් ගෙන එයි.කාමරය තුළ සිරවී සිටි කල්‍යාණිට නාරායන වෙත යාමට සකුන්තලා උදව්  කරයි.කල්‍යාණි නාරායන සමග සතුටින් ගිය ද සියල්ල වෙනස් වෙයි .නාරායන ගේ පියා ද ඇය හා සංසර්ගයෙහි යෙදී ඇති බව දැන ගත් විට ඇය ආපසු පැමිණ දිවේ ගැඹුරටම ගිලෙමින් සියදිවි නසා ගනී.මේ සිදුවීම් පෙළ සිනමාකරුවා අපූරුවට පෙළගස්වා ඇත.
මේ මේ සමාජයේ වැන්දබුව කොට අලංකාරවත් අලංකාරවත් ප්‍රේමය මිහිරි ආහාර තහනම් වුණි.සිඟමනේ යෙදී සොයාගත් සොයා ගත් මුදලින් චුයියා  එක් ස්ත්‍රියකට පැණි රස ගෙනැවිත් දීම ද ඇයට පැණි රස කෑ දවස ඇගේ විවාහ දිනය ලෙස ස්මරණය වීම තුළ ඉන්දීය ඒ සමාජක්‍රමය ප්‍රේක්ශකයාට විවරණය කරයි.දඩු කෑම ඇගේ ජීවිතයේ විවාහ දිනයේ සිට ඒත් එක්ක ඇයට රැගෙන ආවේ සුබ නොව අසුබ බව මේ තුළ නිරූපණය කරයි.මන්ද ඇගේ මරණය සිදු වන්නේ ද ලඩ්ඩු කෑමෙන් පසුවයි.ලඩ්ඩු යනු සිනමාකරුගේ  ඇසට හසුවූ  සන්කේතයකි.
සිනමාපටය තුළ මේ සමාජ ක්‍රමය ට විරුද්ධ අදහසක් නාරායන තුළ නිර්මාණය කරයි ඔහු වැන්දඹුවක් විවාහ කරගැනීම තව මවගෙන් ඇය අයද සිටියි.නමුත් මව අකමැති වුවද නාරායනගේ කැමැත්ත ට කැමති වේ.නමුත් නාරායන ගේ මව කල්‍යාණි ගංගාව අසලදී ඇගේ ශරීරයෙ හැපුණ අවස්ථාවේ නැවත ස්නානය කිරීමට සිදුවන බව නාරායන ගේ මව කල්‍යාණිට පවසමින් බැන වදී .ඇය ස්ත්‍රියකි ස්ත්‍රියකි නාරායන ගේ පියා වැන්දබුවනාරායන ගේ පියා වැන්දබුවන් සමග සංසර්ගයේ යෙදේ නමුත් ඔහුගේ බිරිඳ පතිවත ආරක්ෂා කරයි මේ සමාජ ක්‍රමය නාරායන  විරුද්ධ වේ. නැවත කල්‍යාණි සොයා ගිය ද ඇගේ මරණය සිදුව ඇති බව දැනගත් නාරායන ඒ වේදනාව නිසාවෙන්ද තම පිය පිළිබදව කලකිරුණු, ඔහු මහත්මා ගාන්ධිගේ රැස්වීමට සහභාගී වෙයි කෝච්චියෙන් වෙනත් පෙදෙසකට යන්නට තීරණය කරයි.
චිත්‍රපටයේ අවසානයේ මුදල් වෙනුවට මදුමතී  කල්‍යාණි නොමැති තැන ගබ්බා යොදා චුයියා  බිලිදීම දරාගත නොහැකි කම්පනයකි.මේ තුළ සිනමාකරු ප්‍රේක්ෂක හදවත් කම්පනය කරවයි ඉන්දීය සමාජය ක්‍රමය විවරණය කරනු ලබයි මහත්මා ගාන්ධි වැනි උතුම් මිනිසෙකුගේ යුගයක මේ සිදුවීම ඉන්දීය සමාජයට යම් කැලලක් නොවේද අවසාන වශයෙන් මෙහි ගාන්ධිගේ ගාන්ධි ගේ කථාව අසා අරමුණක් නොමැති සකුන්තලා එහි ආශිර්වාදය ද ලබාගෙන චුයියා කෝච්චිය තුළ සිට නාරායන ට ලබා දෙයි.කෝච්චියට යන දෙසට පසුපස හැරී ස පස හැරී සකුන්තලා ගේ බැල්ම තුළ සිනමාකරු ප්‍රේක්ෂකයාට සිතන්නට දෙයක් එක් කරයි.
මෙහි කල්‍යාණි ආගම ඇදහීම එහි යොදා ඇති සංගීතය සංවේදී සේම හිත සුවපත් කරයි චිත්‍රපටය පුරාවට යොදා ඇති සංගීතය සියුම් සංගීතයකි.මෙහි ගිරවා ගේ මරණය ආදී සංකේත යොදා ගැනීම තුළ යම් සිදුවීමකට පෙර දැනුම් දීමකින් පෙ ක පෙර සළකුණු වේ.මේ ආලෝක භාවිත කිරීමේදී ගින්දර ලන්තෑරුම් භාවිතය තුළ ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශනය ඉතාමත් උචිත ලෙස සිනමාකරු රැගෙන එයි චුයියාගේ සැමියාගේ මෘත ය දැවෙන ස්ථානය හා වැන්දඹු අබලන් හෝ නිවස කල්‍යාණි අන් සැමියන් සමග සංසර්ගය ට යන යන අවස්ථාවේ දී  ඔරුවෙහි අවස්ථාව සිනමාකරු අපූර්වත්වයෙන් ගෙන දක්වයි .සෑම තැනකම රාත්‍රී පහන් ආලෝකය ඔවුන්ගේ සිරිත් විරිත් හා ඔවුන් හෝලි සමරන ආකාරය ද ඔවුන් ගේ අයෙක් මිය ගිය පසුඔවුන් කෙරෙහි සිදු කරනු ලබන දේවල් තුළින් තවත් ඒ සමාජය ප්‍රේක්ශකයාට සමීප වනවා කිවහොත් නිවැරදියි .
කෙසේ වෙතත් ස්ත්‍රිය වැන්දඹුව පුවත් ක් වුවත් ඇයට හිමි අයිතීන් හිමිවිය යුතුයි එසේම කුඩා දරුවන් වයස අවුරුදු 80 ,75,70 මහලු පුරුෂයන්ට විවාහ කර දීම කර දීම අදටත් ඉන්දියාවේ සිදු වන සත්‍ය කතාවකි.මේ චිත්‍රපටය තුළින් තුලින් ලොව මෙය දැනගන්නට ඇත මෙය නතර විය යුතුයි ඔවුනට මේ සමාජය තුළ ආගමික අධ්‍යාපනික සමාජයීය නිදහස හිමිවිය යුතුයි මෙය මේ අරමුණට මේ චිත්‍රපටය තුළින් ඉටුකර ගැනීමට එක් පියවරක් ලෙස දැකිය හැකි. නමුත් ඉන්දීය සමාජය තුළ පවතින මේ සමාජය,සම්ප්‍රදාය  ලොවත් දැනගන්න දැනගත්ත ද මෙයට තිත තැබිය හැකි වේ ද එයට පිළිතුරු දිය නොහැකි කොමාවකි තවමත් .මේ නිසා ඉන්දියාවෙහි දුගඳ හමන සමාජයේ අඳුරු පැතිකඩක් සමාජගත කර වීමක් ලෙස  water 2007 විශිෂ්ට සම්මානයට පාත්‍ර වූ පැරණි පොතක පිටු ගලවා දැමිය නොහැකි පොතක් විණිවිද කරණයක් ලෙස දැකගත හැකියි .
මේ සමාජය තුළ ස්ත්‍රී පුරුෂ භේදය ලිංග භේදයක් නිසා හටගනු ඇත විවාහය ඉන් පසු ජීවිතය තීරණය කිරීමට සමාජයට,සම්ප්‍රදායට තීර්ණය කිරීමට  ඉඩ හැරීම ඉදිරියටත් සුදුසු දැ යි සිතන්න ට ප්‍රේක්ෂකයාට ඉඩ හරින මෙය අපූරු සිනමා කෘතියක් සේම සමාජයීය දිග හැරීමක් මේ චිත්‍රපටිය තුළ අන්තර්ගත වේ .

මේ පිළිබඳව වැඩිදුර අධ්‍යනයට වෝටර් නවකතාව වැදගත් කෘතියකි.


Hs/2016/0758
Y.B.තිළිණි නිසංසලා
ජන සන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය . 

Comments

Popular posts from this blog

ප්‍රේමය අමරණීයද...,,????